‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි

ඊයේ බංගලාදේශය සමග පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් තරවටු කර තිබේ. ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත කරමින්, කියාවන් සිදුකරමින් ආවේගශීලී ලෙස හැසිරීම ධනුෂ්කට එරෙහිව ඇති චෝදනාවයි. ඊයේ (27දා) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ධනුෂ්ක ආවේගශීලීව හැසිරුණු අතර ඔහු වරද පිළිගෙන ඇත. මේ අතර බංග්ලාදේශ නායක මශ්රෆී මොටාසා අවස්ථා දෙකකදී මේ අයුරින් හැසිරීම හේතුවෙන් ඔහුගේ තරග ගාස්තුවේන 20%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත. මෂ්රීෆ්ගේ මෙය දෙවැනි අවස්ථාව වන අතර 2016 වර්ෂයේ ඔක්තොම්බ්ර් මාසයේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී බංගලි නායකයා මෙලෙස හැසිරී ඇති අතර ඒ අනුව ඔහුට දඩුවම් ලකුණු 02ක් ද හිමිවී ඇත මෙහෙදි හසන්ගේ පන්දුවාරයකට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ඉනිමේ හයවැනි පන්දුවාරයේදී කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසු මෂ්රීෆ් මෙලෙස විනය විරෝධි ලෙස හැසිරුණි.

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.