රාජිතගේ ඩුබායි ගිණුමේ ඩොලර් බිලියන 18ක් සගවලා.

පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්ණ කිරීමට ඔහු දුන් පිලිතුරු මෙසේය. ප්‍රශ්නය – අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා 2007 සිට 2014 දක්වා සිදුවෙලා තියෙන විශාල ප්‍රමාණයේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් කඩිනමින් කොමිසමක් පත් කරලා හරි මොනයම් හෝ ක්‍රමවේදයක් යටතේ ඒ පිළිබදව හොයනවා කියලා එතනදී ඇගිල්ල දික්වෙන්නේ පසුගිය රජය සමයට ඒ සම්බන්දයෙන් මොකක්ද ඔබතුමාගේ අදහස පිළිතුර – මුලින්ම කියන්න ඕනේ අගමැතිතුමා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා. බැඳුම්කර වාර්තාව පිලිබඳ බැඳුම්කර වාර්තාවේ අරවා තියෙනවා මේවා තියෙනවා යන ආදි වශයෙන් සඳහන් කරන්නේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා. විවාද කරන්න ඕනේ නම් ඉස්සෙල්ලා වාර්තාව ප්‍රසිද්ධ කරන්න ඕනේ. අපිට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇත්ත කියන කට්ටිය නම් කතාව විශ්වාස කරලා විවාදයට සහභාගිවෙන්න පුළුවන්. ජනාධිපතිවරණයේ සිටම මේ අය කියන්නේ පට්ට පල් බොරු බව මුළු රටම දන්නවා. නොදැන සිටි බැඳුම්කරය හොයන්න කලින් රත්තරං අශ්වයා සහ ලැම්බෝගිනි කාර් එකටයි මොකද වුණේ කියලා හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන එක තමයි කාලෝචිත.අපි ආණ්ඩුවට කියනවා අපියි විවාදය ඉල්ලුවේ. ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ දී විවාදය කරන්න අපි සූදානම්. හැබැයි‍ මේ වාර්තාව ඉස්සෙල්ලා ප්‍රසිද්ධ කරන්න. එතකොට කාටද ඇගිල්ල දිගුවෙලා තියෙන්නේ කියලා හරියට රටටම දැනගන්න පුළුවන් වෙනවා. පිටු 1536කින් තමන් කැමති තැනක් උපුටා දක්වමින් රට නොමග යවනවා වෙනුවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වන විට කළ යුතුව තිබුණේ වහාම වාර්තාව රටේ හැමෝටම කියවිය හැකි පරිද්දෙන් සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රසිද්ධියට පත් කිරීමයි. එහෙම නොකර තමන් අතේ පොතක් තියාගෙන අපේ පොතේ මේසේ ඇතේ කියමින් තමන්ට ඕනදේ කියවීම සදාචාර සම්පන්න නෑ.

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි