ලෝක කුසලානයේ අනෙක් කන්ඩායම් බියට පත් කරමින් ප‍්‍රබල කැන්ගරුවෝ සිංහයන් ඉදිරියේ ලකුණු 303කින් පරදියි

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (8) ඩුබායි හිදී ආරම්භ විය. එහි දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද (9) පැවැත්වූ තරගය ලකුණු 303කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහි දී සුරංග සම්පත් හා රුවන් වසන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක අතරට පිවිසෙන ලදි.ඩුබායි හිදී අද උදෑසන ආරම්භ වූ මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 35ක් හිමි වූයේ අයහපත් කාලගුණය නිසාවෙනි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චන්දන දේශප්‍රිය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.ඩුබායි හි අජ්මාන් ඕවල් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ පළමු පන්දුවේ සිටම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හට දැඩි ප්‍රහාරයක් දියත් කළ අතර එහි දී වමතින් පිත්ත හසුරුවන B 3 කාණ්ඩයේ ක්‍රීඩකයෙක් වන සුරංග සම්පත් පන්දු 85ක් තුල 4 පහර 12ක් සමඟින් ලකුණු 130ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම විශාල ලකුණකට ගෙන යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළේය.සුරංග හට අගනා සහයක් ලබා දෙමින් අනෙක් අන්තයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවූ දකුණතින් පිත්ත හසුරුවන B 2 කාණ්ඩයේ ක්‍රීඩක රුවන් වසන්ත ද සුරංග හට නොදෙවෙනි පිතිකරණයක නිරත වෙමින් අගනා ශතකයක් වාර්තා කළේය. අවසානයේ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 35 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 485ක් ලබා ගන්නා ලදි. එය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ද යන්න තවමත් ස්ථිර වී නොමැති නමුත් එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 13.85ක් ලබා ගැනීමට සුරංග හා රුවන් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩැනියල් කඩුලු 2යි. ලකුණු 486ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වෙනුවෙන් යම් මට්ටමකට හෝ සාර්ථක වූයේ ස්ටෙපාන් ප්ලමර් පමණි. ඔහු ලකුණු 49කට දැවී ගියේය. දකුණතින් මඳ වේගපන්දු යවන B 2 කාණ්ඩයේ ක්‍රීඩකයෙක් වන උපුල් සංජීව ඕස්ට්‍රේලියානු ප්‍රබල කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු කර ගැනීමට සවියක් විය. අවසානයේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 182කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 303ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත්තේ මෙවර පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියට ජව සම්පන්න ආරම්භයක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකාව – 485/7 (35): සුරංග සම්පත් 130, රුවන් වසන්ත 111, ඩැනියල් 2/95.ඕස්ට්‍රේලියාව – 182/10 (29.4): ස්ටෙපාන් ප්ලමර් 49, උපුල් සංජීව 3/31.තරගයේ වීරයා – සුරංග සම්පත් (ශ්‍රී ලංකාව)

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි