මුළු පාර්ලිමේන්තුවම එකවර රවටති..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.අද කැදවනු ලැබ ඇති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කතානායකවරයා මේ බව දන්වා ඇත.අද දිනයේ මෙම සැසිවාරය කැදවනු ලැබ ඇත්තේද බැදුම්කර වාර්තාව ගැන විවාද කිරීම සදහා අගමැතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීමක් මතයි.කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී තීරණය වී ඇත්තේ බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කිරීමටත් එය ඉදිරිපත් වූ පසු විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීමටත්ය.මේ වන විට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයේ යෙදී සිටිති. අගමැතිවරයා විසින් ඉදිරිපත් කල විශේෂ ප‍්‍රකාශයක ඔවුන් මෙසේ විරෝධතාව පල කර සිටිති.පවතින උණුසුම් තත්වය නිසා පාර්ලිමේන්තුව කල් දැමීමට කතානායකවරයා තීරණය කලේය.

Comments

Popular posts from this blog

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි

මං හිගන්නෙක් කියලා හිතුවද.