විරාත් කෝලි නිසා පුද්ගලයෙකු දිවියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් ඇතිවූ ශෝකය මත පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.ඒ සිය සිරුට ගිනි තබා ගනිමින්. විරාත් කෝලි සිය විවාහ මංගල්‍යයෙන් පසු සහභාගී වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වුයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයයි. ඔහු එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 5 කට සහ දෙවන ඉනිමේ දී ලකුණු 28 කට දැවී ගියා. එතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට කෝලි දැවී යාම හේතුවෙන් ඇතිවු ශෝකය මතයි මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇත්තේ. සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබු ඔහු රත්ලාම් රෝහලේදී ඊයේ මරණයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දුම්රියේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලබා සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සිය නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි අතරතුර ඉන්දීය කණ්ඩායමේ පරාජය හමුවේ ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. ආරක්ෂක අංශ වෙත ඔහු සඳහන් කර ඇත්තේ විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හමුවේ ඇතිවු ශෝකය මත තමා මෙම පියවර ගත් බවයි. සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 72 ක ජයක් හිමිවුනා.

Comments

Popular posts from this blog

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි

මං හිගන්නෙක් කියලා හිතුවද.