හතුරුසිංහ මා ගැන ලොකු විශ්වාසයක් තියලා තියනවා’ – චන්දිමාල්

ලබන සතියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (09) නිල වශයෙන් ප්‍රකාශ කළ අතර එම තරගාවලියේ සිට සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් ඇන්ජලෝ මැතිව්ස් හට පැවරී ඇත.නිමාවට පත්වු පාකිස්තානු එක්දින සංචාරයේදී පිතිකරුවෙකු ලෙසින් අසාර්ථක වු දිනේෂ් චන්දිමාල් ද අද නම් කළ එක්දින සංචිතයට ඇතුළත් කර ඇත.අද පැවැති මාධ්‍ය සාකච්ජාවට ටෙස්ට් කණ්ඩායමේ නායකයා වශයෙන් එක්වු දිනේෂ චන්දිමාල් ඒ පිළිබදව අදහස් දක්වමින් පවසා සිටියේ එක්දින තරගවල ලකුණු අතර නොසිටියත් මෙම තරගාවලිය හොදින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි“ගොඩක් සන්තෝසයි නැවතත් එක්දින කණ්ඩායමට එන්න පුළුවන් වෙච්ච එක ගැන. හතුරුසිංහ මහතා මා ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. එක්දින තරගවල මම ලකුණු අතර හිටියත් පසුගිය අවුරුද්ද තුළ මගේ යම් පසුබෑමක් තිබුණා. මෙම තරගාවලිය හොඳින් අවසන් කිරීමට හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්කළ චන්දික හතුරුසිංහ මහතා පසුගිය මස 20 වැනිදා සිට සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර ලබන ජනවාරි 15 වැනිදා ආරම්භ වන බංගලාදේශ සංචාරය, හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පූර්ණ තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව වනු ඇත.“අපිට දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම් කිහිපයක්ම තිබෙනවා. අපිට හොඳ තුන් ඉරියව් දස්කම් දක්වන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. බංග්ලාදේශය හොඳට සෙල්ලම කරනවා. ඒගොල්ලනගේ ක්‍රීඩකයින් දන්නවා ඒගොල්ලෝ මොනවද කරන්න ඕන කියලා. මමත් ඒක දන්න නිසා අපේ ක්‍රීඩකයින්ට ඒ ගැන යම් අවබෝධයක් දෙන්න මට පුළුවන්.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා පවසා සිටියේය.ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ එක්දින ක්‍රිකට් සංචාරය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් මූලික පුහුණු සංචිතයක් නම් කරන ලදි.මාසයකට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක වන මෙම සංචාරයට ශ්‍රී ලංකාව, බංගලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් වේ. එය එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එහි අවසන් මහා තරගය ජනවාරි 27 වැනිදා ඩකා හිදී පැවැත්වෙනු ඇත.බංගලාදේශය තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙවර සිය සත්කාරකත්වය දක්වන්නේ වසර 2010ට පසුවයි.මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට පසුව බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වන අතර, එම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් හා විස්සයි – විස්ස තරග දෙකක් අන්තර්ගතය. එම තරගාවලිය පෙබරවාරි 18 වැනිදා අවසන් වේ.තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 13 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතයි.මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහාතා, උප සභාපති කේ. මතිවානන් මහතා, ප්‍රධාන විධායක නිළධාරි ඈශ්ලි ද සිල්වා මහතා, තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි යන නිළධාරින් පිරිසක් ද සහභාගි වී සිටියේය. ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, දිනේශ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න , නිරෝශන් දික්වැල්ල, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, කුසල් මෙන්ඩිස්, අකිල ධනංජය, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුශ්මන්ත චමීර, ශෙහාන් මදුසංක.

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි