චන්දිමාල්ට උසස්වීමක්

අයි.සී.සී ක‍්‍රීකට් ආයතනය විසින් නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 02ක් ඉදිරියට එමින් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමිකර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්වී තිබේ.එහි පළමු ස්ථානය ප‍්‍රසාද ලකුණු 947ක් ලබා ගනිමින් ඔස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් හිමිකරගෙන ඇති අතර අලුබදුන තරගාවලියේදී දස්කම් දැක්වූ ජොයි රූට් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් දෙවැනි ස්ථානයට පත්ව ඇත.දකුණු අප‍්‍රිකාව සමග පැවැති තරගයේදී දස්කම් දැක්වීමට නොහැකිවු විරාත් කෝලි එක් ස්ථානයක් පසුපසට යමින් පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත.ඉන්දියානු කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට තරගයේදී කඩුලු 05ක් බිද දැමූ කාගීසෝ රබාඩා ප‍්‍රසාද ලකුණු 888ක් ලබා සිය ටෙස්ට් දිවියේ පළමු වරට ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන තිබෙන අතර එහි පළමු ස්ථානයේ සිටි ජේම්ස් ඇන්ඩර්සන් ප‍්‍රසාද ලකුණු 887ක් හිමිකරගෙන 02වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.එම තරගයේදී කඩුලු 09ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගත් වර්නන් ෆිලැන්ඩර් 12වෙනි ස්ථානයේ සිට ස්ථානය හයක් ඉදරියට පැමිණෙමින් 06 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.එම ලැයිස්තුවේ 06 වැනි ස්ථානයේ සිටි ශ‍්‍රි ලංකා කන්ඩායමේ රංගන හේරත් 07වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.ටෙස්ට් කන්ඩායම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප‍්‍රසාද ලකුණු 124ක් ලබා පෙරමුණ ගැනීමට ඉන්දියානු කන්ඩායම සමත් ව ඇති අතර එහි 05වැනි ස්ථානයේ සිට ඔස්ටෙ‍්‍ර්ලියානු කන්ායම ප‍්‍රසාද ලකුනු 104ක් ලබා තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.එහි දෙවැනි ස්ථානය ප‍්‍රසාද ලකුණු 111ක් ලබා සිටින දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හිමිව ඇති අතර ප‍්‍රසාද ලකුණු 94ක් ලැබු ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි හයවැනි ස්ථානයේ පසුවෙයි.

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි