කෝලි පිතිකරුවන්ට වරද පටවද්දී අප‍්‍රිකානුවෝ ඉන්දියාව විනාශ කිරීමට ක‍්‍රීඩකයින් දෙදෙනෙකු සංචිතයට කැදවයි

ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම වන ඉන්දියාව ද. අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ලකුණු 72 ක පරාජයක්‌ ලැබුවේ පිතිකරුවන්ගේ අතපසුවීම් වලින් බව විරාට්‌ කෝලි පවසයි.‘අපේ පන්දු රැකීම හොඳ මට්‌ටමක තිබ්බා. පන්දු යෑවීමත් හොදයි. පළමු ඉනිමේදී ද. අප්‍රිකාණුවන්ට ලකුණු 77 ක වාසියක්‌ ලැබීමත් අපේ පසුබෑමට හේතුවක්‌. කොහොම වුණත් පිතිකරුවන්ගේ අතපසුවීම් තමයි පරාජයට බලපෑවේ’යැයි කෝලි පැවසීය.දකුණු අප්‍රිකාවට පැමිණියේ ධනාත්මක චින්තනයකින් බවත්, තරගාවලිය අවසන්වන විට එම ධනාත්මක චින්තනයෙන්ම අවසන් කිරීමට උත්සාහා දරණ බවත් කෝලි වැඩිදුරටත් පැවසීය.මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ අවසානය සමඟ දකුණු අප්‍රිකා කණ්ඩායමට ඔවුන් සතු ප්‍රවීණතම වේගපන්දු යවන්නා වූ ඩේල් ස්ටේන් අහිමි වූ අතර ස්ටේයින්ගේ තැනට දක්ෂ තරුණ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු කැඳවා ඇත.සංචිතයට කැදවූ 21 හැවිරිදි ලින්ගි නිගිඩි තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති අතර කැඳවූ අනෙක් වේගපන්දු යවන්නා වන ඩේන් ඔලිවර් ශ්‍රී ලංකාව සමඟ තරඟයක ටෙස්ට් වරම් ලබාගත් ක්‍රීඩකයෙකි.මෙම තරඟමාලාවේ තරමක පිතිකරුවන්ට සහය ලැබේ යයි මත පලවී තිබු කේප් ටවුන් ක්‍රීඩාංගනයේ තරඟයද වේගපන්දු යවන්නන්ගේ අනසකට යටත් වීමත් සමඟ මේ අකාරයෙන් ඉදිරි තරඟ සඳහා දකුණු අප්‍රිකා වේගපන්දු බලකාය තවත් ශක්තිමත් කිරීමට හේතු වන්නට ඇතයි අපට සිතිය හැකි අතර මොවුන් දෙදෙනාගේ පැමිණීම සමඟ දකුණු අප්‍රිකා සංචිතය වේගපන්දු යවන්නන් 7 දෙනෙකුගෙන් සමන්විත වී ඇත.කාගීසෝ රබඩා,වර්නන් ෆිලන්ඩර්,මෝර්නි මෝකල්,ඇඩෙල් ෆෙලුක්වයෝ,ක්‍රිස් මොරිස්,ලුන්ගි නිගිඩි සහ ඩේන් ඔලිවර් ගෙන් දකුණු අප්‍රිකා වේගපන්දු බලකාය සමන්විත වී තිබෙන අතර මෑත කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් සංචිතයකට නම් කර තිබෙන දක්ෂතම වේගපන්දු බලකායක් ලෙස මෙම සංචිතය නම් කල හැක.දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය එළඹෙන 13 වනදා සෙන්චුරියන් පාක් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට නියමිතව ඇත. දකුණු අප‍්‍රිකානු සංචිතය –Faf du Plessis (capt), Hashim Amla, Temba Bavuma, Theunis de Bruyn, Quinton de Kock (wk), AB de Villiers, Dean Elgar, Keshav Maharaj, Aiden Markram, Morne Morkel, Chris Morris, Andile Phehlukwayo, Vernon Philander, Kagiso Rabada.Duanne Olivier,Lungi Ngidi

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි