දයා මාස්ටර්ට කැති පොලූවලින් පහරදෙන්න ආ හේතුව මෙන්න..

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයාමාස්ටර්ට පහරදීමට පැමිණි පුද්ගලයා අධික බිමතින් සිට ඇති බවටත් නිවසේ තිබූ රූපවාහිනි සම්බන්ධතාවය විසන්ධිවීම හේතුවෙන් උරණ වීමක් නිසා මෙම පහරදීම සිදුව ඇතියි යාපනය පොලීසිය සැක පල කර සිටියේය.යාපනය දිස්ත්‍රීක්කයේ පවතින සන්නිවේදන ගැටලු හේතුවෙන් යාපනයේ බහුතරය රැහන් සහිත (කේබල් රූපවාහිනි) රූපවාහිනි සම්බන්ධතා බාවිතා කරන අතර දයාමාස්ටර් අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් එවැනි රැහන් සහිත රූපවාහිනි නාලිකාවක සේවය කරයි.එම දෙමළ රූපවාහිනි නාලකාවේ සමබන්ධතාවයද මුදල් නොගෙවීම නිසා විසන්ධිවීම හේතුවෙන් එයට උරණ වූ යාපනය අංක 212න් 02 ප්‍රධාන පාර යාපනයේ පදිංචි 52 හැවිරිදි මේසස් සද්ගුණදාස් නැමත්තා අධික ලෙස මත්පැන් පානය කොට දයාමාස්ටර්ගේ රූපවාහිනි නාලිකාවට පැමිණ පහර දී ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියේය.සැකකරු වීසින් සිදු කරන පහරදීම් වලින් දයාමාස්ටර්ගේ දකුණු අතේ ඇගිලිවලට සුලු තුවාල සිදුව ඇති අතර රෝහලෙන් ප්‍රතාකාර ගැනීමට තරම් තුවාල සිදුව නැති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.අද උදෑසන වනවිටත් මත් ගතියෙන් සිට ඇති අදාල සැකකරු පහර දීමට පැමිණ ඇති හේතුව නිශ්චිතවම මෙතෙක් හෙලි නොකොට ඇති අතර සැකකරු අද (09) දින යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. – වන්නි රොමේෂ් මධුෂංඛ

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි