නියම රත‍්‍රන් ආභරණ හොරකං කර ඉමිටේෂන් බඩු තියලා..- විකටර්ගේ බිරිද හිරේ දැමූ හපන්කම මෙන්න

උකස්‌ කරන ලද රුපියල් දොළොස්‌ ලක්‌ෂ අසූ දහසක්‌ වටිනා රන් ආභරණ තොගයක්‌ වෙනුවට ව්‍යාජ ආභරණ මාරුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය මේ මස 17 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහී විඡේවීර මහතා ඊයේ (09 වැනිදා) තංගල්ල මහේස්‌ත්‍රාත් උසාවියේදී නියෝග කළේය.හෂිනි රත්නායක මහත්මිය තංගල්ලේ රාජ්‍ය බැංකුවක උකස්‌ අංශයක සේවය කරමින් සිටියදී ඉකුත් 2016 වර්ෂයේදී මෙම රණ්‌ භාණ්‌ඩ තොගය භාරගෙන තිබුණි.තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම රණ්‌ භාණ්‌ඩ උකස්‌ තැබූ අතර ඊට මාස කීපයකට පසු එම භාණ්‌ඩ බැංකුවෙන් බේරාගෙන ඇත. රන් භාණ්‌ඩ තොගය බැංකුවෙන් ලබාගෙන ඒවා පරීක්‍ෂා කිරීමේදී ඒවා තමන් විසින් උකස්‌ තැබූ භාණ්‌ඩ නොවන බව හෙළිවී තිබේ.පසුව මෙම පුද්ගලයන් දෙදෙනා මේ පිළිබඳව තංගල්ල පොලිසිය වෙත පැමිණිලි කර ඇත.ඒ වන විට හෂිනි රත්නායක මහත්මිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ බැංකුවක සේවය කරමින් සිටියාය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට තංගල්ල පොලිසිය වෙත පැමිණෙන ලෙස හෂිනි රත්නායක මහත්මිය වෙත දැනුම්දීමක්‌ කර තිබිණි.ඒ අනුව රත්නායක මහත්මිය තංගල්ල පොලිසිය වෙත ඊයේ දහවල් පැමිණි අවස්‌ථාවේ ඇය අත්අඩංගුවට ගත් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.හෂිනි රත්නායක මහත්මිය ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායක මහතාගේ දෙවැනි බිරිඳ වෙයි. මාතර නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්‌ෂණය මත තංගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

Comments

Popular posts from this blog

මං හිගන්නෙක් කියලා හිතුවද.

‘කුසල්ට’ සද්ද දැමු බංගලි නායකයාට අයි.සී.සී යෙන් සලකද්දී ‘ධනුෂ්ක’ට දැඩි අවවාද දෙයි